කාබුල් නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ව ඝාතනය කෙරේ

0
286

ඇෆ්ඝනිස්තානයේ අගනුවර වන කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ව ඝාතනය කර තිබේ. ආරක්ෂක බලධාරීන් පැවසුවේ ඔහු ගමන්ගත් මෝටර් රථයේ අලවන ලද බෝම්බයක් පුපුරුවා හැර ඔහුව ඝාතනය කර ඇති බවය.

මහබූබුල්ලා මොහේබි සහ ඔහුගේ ලේකම්වරයා එම පිපිරුමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ඝාතන සඳහා මෙතෙක් කිසිදු කණ්ඩායමක් වගකීම බාරගෙන නොමැත.

මෑත කාලයේදී එරට මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාධරයින්, සහ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් ඝාතනය විණි.