ගාලු කණ්ඩායමට අද ප්‍රබලයෙක් අහිමි වෙන ලකුණු

0
513

LPL තරගාවලියේ අවසන් මහා තරගය අද(16) පැවැත්වෙනවා.

ඒ, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේර්ස් කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 7ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇති.

කණ්ඩායම් දෙක අතර මෙවර තරගාලියේ දී පැවැති තරග දෙකේම ජය හිමි කර ගත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.

අවසන් පූර්ව තරග සදහා ක්‍රීඩා කළ කණ්ඩායම් ‍දෙකම බොහෝ විට අද තරගය සදහා ද ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව සදහන්.

කෙසේ වෙතත්, ගාලු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් සුව වී නැහැ.

ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවුණහොත් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කරනු ඇති.