ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 188ක් ලබා ගනු ලැබුවා. ෂොයිබ් මලික් පන්දු 35 කදී ලකුණු 46ක් සහ නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 36ක් වාර්තා කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.
අවසන් තරඟයේදී පන්දු 35කදී ලකුණු 46ක් රැස් කරමින් හා පන්දු යැවීමේදී ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත් Shoaib Malik තරඟයේ වීරයා වූ අතර තරඟාවලිය තුල වැඩිම කඩුලු ලාබියා ලෙස කඩුලු 17 ලබා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ වනිඳු හසරංග තරඟාවලියේ වීරයා විය.
මේ අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සඳහා නැගෙනහිර පළාත නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කණ්ඩායමක් එක් කිරිමට සැලසුම් කර තිබෙන බව තරග සංවිධායක මණ්ඩලයේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න සඳහන් කර සිටිනවා.





