ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සළකන්න – දයාසිරිගෙන් ඉල්ලීමක්

0
179

ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී විශාල දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සළකන්නැයි පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ඒ, අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

“මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් මේ ආණ්ඩුවෙන් ලබාදිය යුතුයි. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කිහිපවතාවක්ම ඉල්ලලා තියෙනවා මේක. මේ අයව පැත්තකට විසිකරලා වැඩ කරන්න බෑ. පක්ෂයක් විදිහට අපි බෝඩ් ලෑල්ලකට මේ ආණ්ඩුවත් එක්ක එකතු වුණේ නෑ.” යනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.