සඳේ පස් රැගත් චීන අභ්‍යවකාශ යානය පොළවට.!

0
280

චන්ද්‍රයාගේ පාෂාණ රැගත් චීන අභ්‍යවකාශ යානය මේ වනවිට පෘථිවියට ළඟා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 1976 වසරේ සෝවියට් සමූහාණ්ඩුවේ ලූනාර් ට්වෙන්ටි ෆෝ යානයට පසු චන්ද්‍රයාගෙන් පාෂාණ රැගෙන පෘථිවියට පැමිණි ප්‍රථම යානය චීනයේ චැන්ග් අ ෆයිව් බවයි.

චන්ද්‍රයාගේ මොන්ස් රුක්මර් හි පෞරාණික ගිනිකඳු ආශ්‍රිත ප්‍රදේශයකට ගොඩබැස් වූ මෙම යානය කිලෝග්‍රෑම් 2 ක බරින් යුත් පාෂාණ රැගෙන පැමිණි බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සඳහන් කළේ ය.

මෙම පාෂාණ අධ්‍යනයෙන් චන්ද්‍රයාගේ ඉතිහාසය සහ සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයන් පිළිබඳ අවබෝධ කරගැනීම විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.

මේ අතර සඳ මත සිය ධජය එසවීමට සමත් වූ දෙවැනි රට බවට චීනය පත්විය.

1969 වසරේ දී ගඟනගාමීන් සහිත ඇපලෝ 11 යානය මගින් අමෙරිකාව සඳ තරණය කළේ, සඳ තරණය කළ ලොව පළමු රට බවට පත්වෙමිනි.

එහිදී සිය ධජය සඳ මත එසවීමට අමෙරිකානු ගඟනගාමීහු සමත් වූහ.

චීනය ගඟනගාමීන් රහිත චැන්ග් අ ෆයිව් අභ්‍යවකාශ යානය පසුගිය දා සඳ මත ගොඩබෑමට සමත් වුණේ අමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුමෙන් වසර 50 කට පමණ පසුවයි.

චීන අභ්‍යවකාශ යානය, පෘථීවියෙන් සඳ බලා ගමන් ඇරඹුවේ පසුගිය නොවැම්බර් 23 වැනි දායි.

පැය 112 ක කාලයකින් පසු දෙසැම්බර් 1 වැනි දා යානය චන්ද්‍රායා වෙත ළඟා විය.