චුලක්ෂි පිඹුරෙක් එක්ක ගත් සරාගී Photo එකතුව

0
716

චුලක්ෂි රණතුංග පිඹුරෙක් සමඟ ගත් ඡායාරූප එකතුව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

බොහෝ දෙනා රූප පෙළ විවිධ ආකාරයට සමාජ මාධ්‍ය තුළ අර්ථකථනය කර තිබෙන ආකාරයත් දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ නිශ්චල රූප එකතුව සේම මෙය රූපගත වන ආකාරය ඇතුළත් කෙටි වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය තුළ දකින්නට පුළුවන්.

ඔබට මතක ඇති මීට පෙර මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය චිත්‍රපටයේ හනිදුම්මාගේ චරිතයේදී පවා ඇය නර්තනයෙන් දායක වුණේ පිඹුරකු කර වට දමාගෙන.

මේ ඡායාරූප එකතුව ඉක්මනින්ම සමාජ ගත වෙන්න තවත් හේතුවක් වෙන්නේ තෝරාගෙන තියෙන නිරූපිකාව. ඇය 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ සහ 2017 වසරේ දී ලොව හොඳම නිරූපිකාව කිරුළ දිනා ගත් සුරූපිනියක්. ඒ වගේම ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය හරහා සිනමාවට පිවිස නිරූපණයට පමණක් නොව රූපණයට ද දස්කම් ඇති බව පෙන්නුම් කළ සිනමා රංගන ශිල්පිනියක් වන චුලක්ෂි රණතුංග.

ඒ නිසා මේ ඡායාරූප එකතුව ගැන කතා අරද්දි මේ සියල්ල කැමරා කාචයට හසුකරගත් ඡායාරූප ශිල්පියාව අමතක කරන්න බැහැ. ඔහු නමින් ඔහු නමින් ඉසුරු ලියනගේ. කැලණිය විශ්වවිද්‍යාලය තුළින් කැමරාකරණය ගැන හැදෑරු ඔහු නිරන්තරයෙන් හිතන්නේ සහ දකින්නේ නවමු විදියට.

ඉසුරුට ඇති වුණු මේ අදහස රූපයට ගැළපෙන පරිසරය හොයාගෙන ඔවුන් ගිහින් තියෙන්නේ කිරිඳිවැල ප්‍රදේශයේ තියෙන සුන්දර නිස්අරණ වනයට. ඔහුට තිබුණු ඊළඟ අභියෝගය තමයි පිඹුරෙකු සොයා ගැනීම.

පිඹුරා සොයාගෙන ඇවිත් තියෙන්නේ අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ ජීවත් වන අහිගුණ්ඨික පවුලකින්. රූපගත කරන්න පටන් ගත්ත මුල නම් පිඹුරාත් බයවෙලා චුලක්ෂිත් බයවෙලා තියෙනවා. ඊට පස්සේ නම් දෙන්නම හොඳට යාළුවෙලා පැයයි විනාඩි හතළිස් පහක් විතර ගතවුණු රූප ගත කරීම අවසන් වෙනකම් එකටම තමා ඉඳලා තියෙන්නේ.

( ඡායාරූප – චුලක්ෂි රණතුංග ෆේස්බුක් පිටුවෙන් සහ විස්තර අන්තර්ජාලය ඇසුරිණි. )