නවසීලන්තයට කඬුලු 5ක පහසු ජයක්

0
269

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පවතී පළමු 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුළු 05ක ජයක් ලැබිමට  නවසීලන්තය සමත් විය. 

ඔක්ලන්ඩ් හිදි පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 153ක් ලබාගත්තේය.

එහිදී ෂඩාබ් ඛාන් ලකුණු 42ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ගණන පන්දුවාර 18 පන්දු 05ක් අවසානයේ දී කඩුලු 05ක් දැවී ලබාගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. 

කඩුලු රකින ක්‍රීඩක ටීම් සීෆර්ට් පන්දු 43කදී ලකුණු 57ක් ලැබීය.