කළුතර කොවිඩ් අවදානම ඉහළට
ඊයේ දිනයෙත් ආසාදිතයින් 164 ක්

0
241

කළුතර දිස්ත්‍රික්යේ කොවිඩ් අවදානම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

ඊයේ (18) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 662 දෙදෙනා අතරින් 164 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“කොළඹට අවදානය යොමුකරන අතර, කළුතර තත්ත්වය පාලනය කර ගත යුතුයි. ඊයේ කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමා සඳහන් කළා මේ වන විට ගර්භනී අම්මලා විතරක් 55ක් පොසිටිව්. ඒ 55න් 45ක් ම අටුලුගම. කොහෙද අවදානම කළුතර තියෙන්නේ. බුලත්සිංහලෙන්, වේයන්ගල්ලට ව්‍යාප්ත වුණා. කලින් තත්ත්වයන් අපි පාලනය කරලා තිබ්බා. නමුත් ඒ ප්‍රදේශවල සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. බණ්ඩාරගම විතරක් මේ වන විට කොවිඩ් රෝගීන් 741ක් වාර්තා වෙලා තියෙනවා. ඉන්  604ක් ම අටුලුගමින් වාර්තා වෙනවා.“

පීසීආර් පරීක්ෂණ දෛනිකව වැඩි කිරීමත් සමග රෝගීන් ගණන ද වැඩිවෙමින් පවතින බව සඳහන් කර සිටි වෛද්‍යවරයා, වැඩි දියුණූ කළ හැකි තත්ත්වයන් පවතින රෝහල්වල පීසීආර් පරීක්ෂණ රසායනාගාර කඩිනමින් ඇති කළ යුතු බව ද පැවසීය.

එසේ සිදුකරමින් පීසීආර් පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවිය යුතු බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.