කොවිඩ් හේතුවෙන් ලංකාවටත් ආහාර අර්බුධයක අවධානමක්

0
372

ලෝක ආහාර සංවිධානය වත්මන් කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවද ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් සහිත රටක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙරට පරිභෝජනය සඳහා කෙරෙන ආහාර ද්‍රව්‍ය ආනයනය ජාත්‍යන්තරව සිදු විය හැකි සීමා කිරීම් හමුවේ මෙම තත්ත්වය උදා විය හැකිය. එම නිසා රටක් ලෙස වෙනත් විසඳුම් කෙරෙහි ගමන් කළ යුතු බව ලෝක ආහාර සංවිධානය සඳහන් කරයි.

ඊට මුහුණ දීම සඳහා මෙරට වගා නොකළ ඉඩම් කඩිනමින් වගා කිරීමටත්, දිවයින පුරා විසිරී ඇති පනස් දහසකට ආසන්න ග්‍රාමීය කුඩා වැව් අලුත්වැඩියා කර නඩත්තු කිරීමටත් රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශය විසින් පසුගිය ද අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.