අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

0
232

දිවයින හරහා ඊසාන මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු , නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලටත් මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල , මාතර , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් පස්වරු 2 න් පසු තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

නැගෙනහිර පළාතේ සහ මාතලේ , ගාල්ල , නුවරඑළිය හා පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.