කොරෝනා එන්නතක මිල ඔබ දැන සිටියාද.?

0
328

කොරෝනා වෛරසයට සාර්ථක එන්නත් කිහිපයක් මිල ගණන් මෙතෙක් අදාළ සමාගම් විසින් හෙළිදරව් කර නොතිබුණත් , යුරෝපා සංගමයේ එම එන්නත් මිලදී ගැනීමට අදාළ ලේඛණයක් උපුටා දක්වමින් බෙල්ජියමේ කණිෂ්ඨ අමාත්‍යවරයෙකු අදාළ මිල ගණන් හෙළිකර තිබුණි.   

මෙලෙස හෙළිදරව් වී ඇති පරිදි බ්‍රිතාන්‍ය Astrazeneca එන්නත යුරෝ 1 යි 78 කට මිල කර ඇති අතර, Johnson and Johnson එන්නත අලෙවි කරනු ඇත්තේ අමෙරිකානු ඩොලර් 8 යි 50 කටයි.

Sanofi glaxosmithkline එන්නත යුරෝ 7 යි 56 කට මිල කර ඇති අතර, කියෝවැක් එන්නත මිල කර ඇත්තේ යුරෝ 10 කටයි.

බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්කරදෙන බව තහවුරු වූ Pfizer biontech එන්නත යුරෝ 12 කට මිල කර ඇති අතර, අමෙරිකානු Moderna එන්නත ඩොලර් 18 කට මිල කර තිබෙනවා.

ඒ අනුව වැඩිම මිල සහිත Moderna එන්නතක සැබෑ වෙළඳපොල මිල වන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3300 ඉක්මවූ අගයකි.