බොරැල්ල සහ හම්බන්තොට මනුෂ්‍ය ඝාතන දෙකක්

0
283

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (20) රාත්‍රියේ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි බොරැල්ල සරණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර හම්බන්තොට ගොන්නෝරුව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින්  27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන අතර හම්බන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.