කොවිඩ් 19 ආසාදිතව මියයන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදීම පහත් ක්‍රියාවක් ලෙසට සමගි ජන බලවේගය දකින බව එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ගුරුතලාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන “දිනමු” වැඩසටහන යටතේ ගුරුතලාව මහතැන්න ජුම්මා පල්ලියේදී මුස්ලිම් ජනතාව හමුවීමට සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) පෙරවරුවේ පැමිණියේය.
මෙහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,
“අදාහන කටයුතු භූමදාන කටයුතු යන මාතෘකාව තුළ, අපේ රටේ මුස්ලිම් ජනතාව අන්ත අසරණභාවයට පත්වෙලා තියෙනවා. සමගි ජන බලවේගයේ අපි විශ්වාස කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ තරයේ ක්‍රියාත්මක කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා භූමදානය පිළිබඳ සෞඛ්‍ය ගැටලුවක් නැතැයි කියන කාරණය. අනෙක් හැමෝටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය කරනවා, හැබැයි ආදාහනය, භූමදානය ප්‍රශ්නයේ දී රජය අමුතුම ආකාරයේ විශේෂඥ දැනුමක් ලබාගෙන ඒ අය කියනවා පුච්චන්නම ඕනේ කියලා. මම පැහැදිලිව කියන්න කැමති සමගි ජන බලවේගයේ අපි සියලුදෙනා ඒ පහත් තීන්දුව තරයේ ප්‍රතික්ෂේප කරනවා.“