නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.
නමුත් තරඟාවලියේ ජය 2 -1 ලෙස නවසීලන්තයට හිමිවිණි.
නේපියර් හි පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සත්කාරක කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 173ක් ලබාගත්තේය.
ඩෙවොන් කොන්වේ ලකුණු 63යි.
පන්දු යැවීමෙන් ෆහීම් අශ්රොෆ් ලකුණු 20ට කඩුලු 3ක් දවා ගත්තේය.
ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම පන්දු ඕවර 19.4 කඩුලු 6කට ලකුණු 177ක් ලබාගනිමින් තරඟය ජය ලැබීය.
එහිදී කඩුලුරකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් පන්දු 59කදී ලකුණු 89ක් රැස් කළේය.