ඊයේ (22) දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලට ප්‍රතිකාර සඳහා මාරු කොට යැවු 15 හැවිරිදි දරුවෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ.
දංකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දරුවා ලියුකේමියා රෝගී තත්ත්වය සමග කොවිඩ් වෛරසය ආසාදනය සමග ඇතිවූ උග්‍ර නියුමෝනියා තත්ත්වය, ලේ විෂ වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.