බිලිඳු දරුවන් අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු සැකපිට මාතලේ උකුවෙලදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි අයෙකි.
වෙළද දැන්වීම් අන්තර්ජාලය හරහා මුදාහරිමින් සැකකරු විසින් මෙම ජාවාරමවේ නිරත වී ඇති අතර මෙම ජාවාරම මොරටුවේ ප්‍රදේශයේදි ස්ථාන දෙකකදි සිදු කර ඇත.මෙම පුද්ගලයා විසින් දරුවන් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විකුණා ඇති බවද අනාවරණය වී තිබේ.
විදෙස් රටවල බේබි ෆාම් යනුවෙන් මෙම කුඩා දරුවන් විකිණීමේ ජාවාරමේ හදුන්වන බවද, මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙකු සොයා ගත් බවද පොලිසිය කියයි.
විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් මෙම පුද්ගලයා විසින් රැගෙන ගොස් නේවාසිකව ස්ථානයක රදවා තෙවැනි පාර්ශවයකට විකුණන බවද පොලිසිය කියයි.
සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.