අලුත උපන් බිලිඳුන් විකුණු ජාවාරම්කරුට ඇප

0
360

අලුත බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදාහැර තිබෙනවා.

රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව ඔහු මුදාහැර ඇති බවයි පොලීසිය සඳහන් කර සිටින්නේ.

ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බිලිඳුන් 43 දෙනෙකු විකිණීමේ චෝදනාවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුව පසුගිය 21 වෙනිදා රාත්‍රියේ දී මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා