සුවසරණ සෞඛ්‍ය අරමුදල විසින් කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා නව පීසීආර් යන්ත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.
පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමියන්ගේ විසින් ඊට අදාළ ලියකියවිලි ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
හොරණ කුරුඳුවත්ත විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමියන්ගේ මගපෙන්වීමෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් එම පීසීආර් යන්ත්‍රය මිලදී ගෙන තිබේ.
නව පීසීආර් යන්ත්‍රය දිස්ත්‍රික්කයේ අවශ්‍යතාව උදෙසා කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කිරීමට නියමිතය.