දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගෙන මෙලොවට බිහිවීම සමරන උතුම්ම මංගල්‍ය නත්තල නම් වන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, එය උන් වහන්සේ මුලු මහත් මනුෂ්‍ය සංහතියටම දැක්වූ විශේෂම උපහාරය ලෙස සැලකෙන බවයි.
ඒ , උතුම් නත්තල සමරන ශ්‍රී ලංකාවාසී කිතුණු බැතිමතුන්ට මෙන්ම ලෝකවාසී කිතුණු බැතිමතුන්ට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.
නත්තල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත්, ස්වභාව ධර්මය සහ සමස්ත පරිසරය කෙරෙහි දැඩි සංවේදිතාවයත් දක්වන්නන්ට ජේසුතුමන් උගන්වා තිබෙන බවයි.