කොවිඩ් වයිරසය නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය කිරීම නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් බිඳ වැටෙන බවත් සංස්කෘතියට හානි වන බවත් එමගින් මෙතුවක් කල් පැවති සිංහල මුස්ලිම් සංහිඳියාව බිඳ වැටීමට හැකි බවත් ලෝකයේ රටවල් 182ක භූමිදානය සඳහා අවසර දී ඇති බවත් අද (25) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වෙමින් කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජානතාව කීහ.
මේ සඳහා ජනාධිපතිතුමාගේ ඉක්මන් අවධානය යොමු කර ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද බලකරමින් කළුතර වෙට්ටුමකඩ මොස්ක් ස්ට්‍රීට් හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිට 200ක් පමණ පිරිසක් විරෝධතා පුවරුද රැගෙන මාර්ග බාධකය අසල විරෝධතාවයක නිරත වූහ.
ප්‍රදේශයේ පුරා සුදු කොඩි ප්‍රදර්ශනය කර තිබුණි. විරෝධතාකරුවන් එහිදී ශන්දත් (මුස්ලිම් දේහයන් බහා තබන උපකරණයක්) ද, අනුරුවක්ද රැගෙනවිත් තිබුණි.
රජය මගින් ලබා දෙන ආහාර මළු හෝ සහනාධාර කිසිවක් අවශ්‍ය නොවන බවත් භූමිදාන අයිතිය පමණක් ඉල්ලා සිටින බවත් ඔවුහු කීහ.