ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 151 වැනි ක්‍රීඩකයා ලෙස වනිදු හසරංගට අද පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවිය.
ඒ, දකුණු අප්‍රිකාව සමග දැන් පැවැත්වෙන පළමු තරගයේදීය.
23 හැවිරිදි වියේ පසුවන වනිඳු හසරංග, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ක්‍රීඩකයෙකි.
තුන්ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඔහු එක්දින ජාත්‍යන්තර තරග 15ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලබා ඇති කඩුලු ගණන 17කි.
වනිදු පන්දුවාර 20යි 20 තරග 13ක් ද ක්‍රීඩා කර තිබේ. ලබා ඇති 20යි 20 කඩුලු ගණන 16කි.
මේ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් අද ටෙස්ට් වරම් දිනා ගැනීමට 22 හැවිරිරිදි වියේ පසුවන ලූතෝ සිපම්ලා සමත් විය.