කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් සියලු තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කොවිඩ් මරණ සම්බන්ධ අවසන් කටයුතු සිදුකරනු ලබන්නේ ද සෞඛ්‍ය උපදෙස් අනුව පමණක් බවය.
“කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් දැඩි නීතිරීති දාලා තමයි අද මේක පාලනය කරලා තියෙන්නේ. හැබැයි අපි සාමාන්‍ය ජනතාවගේ කිසිම කටයුත්තකට බාධා වෙන්න ඉඩ තියලා නෑ. හදිසියේම කොවිඩ් මරණ භූමදානය ද ආදාහනය ද කියලා මතුවෙනවා. ඒ මාතෘකාව මතුකරන කණ්ඩායම් තේරුම් ගන්න ඕනේ අද ජීවත්වෙන අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි මේ හැම තීන්දුවක්ම රජය අරන් තියෙන්නේ. කොව්ඩ් -19 සම්බන්ධයෙන් දේශපාලකයින් වෙච්ච අපිට තීන්දු ගන්න බෑ. කොවිඩ් -19 සම්බන්ධයෙන් ගත්ත හැම තීන්දුවක්ම ගත්තේ සෞඛ්‍ය උපදෙස් මතයි.”

