කොවිඩ් -19 වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට දකුණු අප්‍රිකාව පත්වී තිබේ.
එරටින් කොවිඩ් -19 ආසාදිත මරණ 26,000 ඉක්මවා වාර්තා වී තිබේ.
පසුගිය සතියේ දී දකුණු අප්‍රිකාවෙන් දෛනිකව ආසාදිතයන් 11,000 ඉක්මවා වාර්තා වූ අතර එය පෙර සතියට සාපේක්ෂව සියයට 39 ඉහළයාමකි.
කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ද දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති බව එරට බලධාරීන් ප්‍රකාශයට පත්කර තිබේ.