කේරළයේ ලාබාලතම නගරාධිපතිනිය 21 හැවිරිදි සිසුවියක්

0
307

ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ පසුගියදා පැවති ප්‍රජා මැතිවරණයට තරඟ කළ 21 හැවිරිදි සරසවි සිසුවියක් තිරුවානාපුරම් ප්‍රදේශයේ නගරාධිපතිවරිය ලෙස තේරී පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ආර්යා රාජ්න්ද්‍රන් නම් 21 හැවිරිදි සරසවි සිසුවිය කේරළ ප්‍රාන්තයෙන් බිහිවූ ලාබාලතම නගරාධිපතිනිය වන බවයි NDTV මාධ්‍ය ආයතනය සඳහන් කරන්නේ.

ගණිත අංශයෙන් ඉගෙනුම ලබන ඇය සියලු සාන්තුවරියන්ගේ විදුහලේ 02 වන වසරේ සිසුවියක් ලෙස අධ්‍යාපනය ලබනවා.