දශකයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි අද(28) සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඒ, පසුගිය දශකයක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහු දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.
දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ විරාට් කෝලි.
දශකයේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් දශකයේ 20යි 20 ක්‍රීඩකයා ලෙසයි සම්මානයෙන් පිදුම් ලැබුවේ.
දශකයේ ක්‍රීඩාවේ ජීව ගුණයෙන් යුතු ක්‍රීඩකයා ලෙස ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සම්මාන හිමි කර ගත්තා.
මේ අතර, දශකයේ ක්‍රිකට් ක්‍රීඩිකාව, එක්දින සහ 20යි 20 ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ඕස්ට්‍රේලියාවේ Ellyse Perry.
ටෙස්ට් වරම් නොලැබූ රටවල් අතරින් පසුගිය දශකයේ ක්‍රීඩකයා ලෙස අයි.සී.සී සම්මානයෙන් පිදුම් ලැබුවේ ස්කොට්ලන්තයේ Kyle Coetzer.
ටෙස්ට් වරම් නොලැබූ රටවල් අතරින් පසුගිය දශකයේ ක්‍රීඩිකාව ලෙස ස්කොට්ලන්තයේම Kathryn Bryce සම්මානයෙන් පිදුම් ලැබුවා.