ඉන්දියාවට කඩුලු 8 ක පහසු ජයක් – තරගාවලියත් සම තත්ත්වයට

0
261

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(29) සමත් වුණා.

ඒ, තරගය ජය ගැනීම සදහා දෙවන ඉනිමේ දී හිමි වූ ලකුණු 70ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සිටියදී සපුරා ගැනීමට ඉන්දියාව සමත් වීමත් සමගයි.

ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 35ක් සහ නායක අජින්කෙයා රහානේ නොදැවී ලකුණු 27ක් රැස් කළා.

මෙල්බර්න්හි පැවැති තරගයේ සිව්වන දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 200කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

කැමරන් ග්‍රීන් ලකුණු 45ක් සහ මැතිව් වේඩ් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් ලකුණු 37කට කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 195ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 326ක්.

ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක අජින්කෙයා රහානේ ලකුණූ 112ක් ලබා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.