රියැදුරු බලපත්‍ර මුද්‍රණය හෙට සිට යුද හමුදාවට

0
476
හෙට සිට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යුද හමුදාවට භාර දී තිබේ.

මෝ‌ටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ, තම දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය මෙතෙක් පෞද්ගලික ආයතනයක් මගින් සිදු කළ බවයි.

ඒ අනුව හෙට (ජනවාරි 01) සිට යුද හමුදාව විසින් නිල වශයෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කරනු ඇති.