රාත්‍රී මුර සංචාරයේ යෙදුණු පොලිස් සැරයන්ට පිහියෙන් ඇනලා..

0
290

මහව නගරයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබේ.

ඊයේ (30) රාත්‍රී 11ට පමණ මුර සංචාර කටයුතුවල නිරතව සිටි එම නිලධාරියා සහ තවත් නිලධාරියෙකු, පුද්ගලයින් කිහිපදෙනෙක් පරීක්ෂාවට ලක්කිරීමට උත්සාහ කිරීමේ දී ඉන් එක් අයෙකු පොලිස් සැරයන්වරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු මෙම පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා මහව රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ඊයේ රාත්‍රියේම නිකවැරටිය රෝහලට මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තුවාල ලැබු පොලිස් නිලධාරියා මේ වන විට සැත්කමකට භාජනය කර තිබේ.

කෙසේවෙතත් සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් හඳුනාගෙන ඇති අතර, එයින් තුවාල සිදුකළ සැකකරු ඇතුළු තවත් අයෙක් හා පහර දීමට භාවිත කළ පිහිය මහව පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මහව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.