2021 නව වසර උදා වෙයි

0
322

උදා වු 2021 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූ අතර එහිදී දැවැන්ත ගිනිකෙළි සංදර්ශනවලට මුලික තැනක් හිමි වී තිබුණි.

2021 වසර පළමුවෙන් උදාවුණේ පැසිෆික් දූපත් වන කිරිබාටි සහ සමෝවා දූපත්වලටය.

අනතුරුව නවසීලන්ත වැසියන්, උදාවූ නව වසර මහත් උත්සවාකාරයෙන් පිළිගනු ලැබීය.

ඒ සුපුරුදු අයුරින්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ස්කයි කුලුන ආශ්‍රිතව අලංකාර ගිනිකෙළි සංදර්ශනයක් පවත්වමිනි.

නව වසර පිළිගැනීමට ඔක්ලන්ඩ් හිදී වර්ණවත් ලේසර් ආලෝක සංදර්ශනයක්ද පැවැත්විය.

මීළඟට 2021 වසර පිළිගත්තේ ඔස්ට්‍රේලියානු ජනතාවය.

සුප්‍රකට සිඩ්නි වරාය පාලම සහ ඔපෙරා රඟහල ආශ්‍රිතව ඔවුන් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්විය.