වසර 10කට පසු ඩෙංගු වල අඩුවීමක්

0
300
වසර 10 කට පසු ඩෙංගු රෝගීන් සහ ඩෙංගු මරණ අඩුවෙමින් වාර්තා වූයේ, පසුගිය වසරේදී බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 30,691 දෙනෙකු වාර්තා වූ බවයි.

එම වසරේ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 35 කි.

2019 වර්ෂයේදී ඩෙංගු රෝගීන් 105049 දෙනෙකු වාර්තා වූ අතර 2010 වර්ෂයේදී ඩෙංගු රෝගීන් 34,188 දෙනෙකු හඳුනා ගත් බව වෛද්‍ය ජයසේකර මහතා සඳහන් කළේ ය.