නෝර්වේහි නායයෑමකින් 10 ක් අතුරුදන්

0
258

නෝර්වේ ඔස්ලෝ නගරය ආසන්නයේ පිහිටි ආස්ක් ගම්මානයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් 10 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

අධික හිම පතනය හේතුවෙන් නායයෑම සිදුවී ඇතැයි බලධාරීහු පවසති.

අතුරුදන් වූවන් සොයාගැනීම සඳහා ස්වීඩ්න් ස්වෙච්ඡා සේවකයින් සහ හෙලිකොප්ටර්ද යොදවා ඇති නමුත් මෙතෙක් ඔවුන් සම්බන්ධව හෝඩුවාවක් හෝ ලැබී නොමැත.

අයහපත් කාළගුණය හේතුවෙන් මේ වනවිට ප්‍රදේශයේ 100 ක පමණ පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර තවත් බොහෝ පිරිසක් ඉවත් කරමින් පවතී.

හිම කඳු කඩා වැටීම හේතුවෙන් නිවාස 10ක් පමණ විනාශ වී ඇත.

අධික ශීතල සහ හිම පතනය හේතුවෙන් මුදවා ගැනීමේ සේවකයන්ට කටයුතු කිරීම අසීරු වී ඇතැයි සඳහන් වේ.

මෙය නෝර්වේහි මෑත කාලය තුළ සිදුවූ දරුණුම නායයෑමක් ලෙස හඳුන්වා ඇති අතර එම ප්‍රදේශය දැඩි අවදානම් ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ බව බලධාරීහු පවසති.