ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද

0
319

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ආරම්භවීමට නියමිතය.

තරගය ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතයෙන් ක්‍රීඩකයින් 07 දෙනෙකුම ආබාධවලට ලක්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කසුන් රාජිත සහ ළහිරු කුමාර අද තරගය සඳහා සහභාගී නොවනු ඇති බව සඳහන් ය.

වනිදු හසරංග, සුරංග ලක්මාල් සහ ඇන්ජලෝ මැතිවුස් ද ආබාධ හේතුවන් අද තරගයට සහභාගීවීම අවිනිශ්චිත බව වාර්තා විය.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වනවිට සමත්වී ඇත.