සිකුරාදාට බතික් අඳින්න – රාජ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්

0
300
සතියට එක් දිනක් බතික් හා අත්යන්ත්‍ර රෙදිවලින් සැකසූ ඇඳුමින් සැරසී සේවයට පැමිණෙන්නැයි රාජ්‍ය හා පෞද්ගලීක අංශයේ සේවකයින්ගෙන් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, ඒ සඳහා සිකුරාදා දිනය යොදා ගන්නා ලෙසය.

මේ පිළිබඳව ඉදිරියේ ද රාජ්‍ය සේවා අමාත්‍යාංශය හරහා චක්‍රලේඛයක් ද නිකුත් කරන බව ඔහු පැවසුවේ ය.