ශ්‍රී ලංකා පළමු ඉනිමේ ආරම්බයත් අසාර්තකයි

0
435

දකුණු අප්‍රිකාවට එරෙහිව 02 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පන්දුවාර 24ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා

කුසල් පෙරේරා පන්දු 67කදී ළකුණු 60ක් ලබා ගත් අතර දිමුත් ළකුණු 2කට, තිරිමාන ළකුණු 17කට, කුසල් මෙන්ඩිස් ළකුණු 0කට, මිනෝද් ළකුණු 5කට දැවී ගියේය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ Wiaan Mulder ළකුණු 3කට කඩුලු 3ක් සහ Anrich Nortje ළකුණු 8කට කඩුලු 2ක් ලබා ගත්හ.

තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හිදී ය.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වනවිට 1-0ක් ලෙස ජයගෙන දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටී.

තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වේ.