තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රාර්ථනාවක් කර තිබේ.
එහිදී ඔහු දක්වා ඇත්තේ, පළමු වතාවට ඊයේ රාත්‍රියේදී වාන් දොරටුවක් විවෘත කොට කළු ගඟේ ජලය ගොවිබිම් කෙත්වතු සරුසාර කරන්නට මුදා හැරි බවත්. තවත් වසර දහස් ගණනක් මෙම ජලයෙන් මේ උතුම් මහපොළොව සශ්‍රීක වේවායි තම ප්‍රාර්ථනය බවය.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,
“නිල්වන් එම ජල කඳ සියසින් දැකගැනීමට මා ඊයේ දිනයේ දී කළු ගඟ ජලාශය නිරීක්ෂණයට පැමිණීයෙමි.මෙය සියසින් දැකීම හදවතට සතුටකි. මහවැලි යෝජනා ක්‍රමයේ කූටප්ප්‍රාප්තිය සනිටුහන් කරමින් මා එදා මහවැලි අමාත්‍යවරයා ලෙසත් රටේ ජනාධිපතිවරයා ලෙසත් මාගේ ධූර කාලය තුළදී මොරගහකන්ද, කළු ගඟ ජලාශ දෙක ඉදිකර අවසන් කිරීමට හැකිවීම ලක්ෂ ගණනක් රජරට ගොවි ජනතාවගේ කඳුළු කතාව අවසන් කිරීමට ඉවහල් විය. පළමු වතාවට ඊයේ (2021/01/02) රාත්‍රියේදී වාන් දොරටුවක් විවෘත කොට කළු ගඟේ ජලය ගොවිබිම් කෙත්වතු සරුසාර කරන්නට මුදා හරින ලදී. මුලින්ම කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය ක්‍රීයාත්මක කළ දිවංගත ගාමිණී දිසානායක මහතාද මා මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි. තව වසර දහස් ගණනක් මෙම ජලයෙන් මේ උතුම් මහපොළොව සශ්‍රීක වේවායි මගේ ප්‍රාර්ථනයයි.”