නව වෛරස් ප්‍රභේදයේ සීඝ්‍ර පැතිර යාම හේතුවෙන්, බ්‍රිතාන්‍යයේ පාසල් තවදුරටත් වසා තැබීමට බලධාරීන් නියෝග කළේ ය.
ඒ, ගුරුවරුන් සහ දෙමාපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුවයි.
අවම වශයෙන් තවත් සති 2 ක පමණ කාලයක් පාසල් වසා තබන ලෙස ගුරු සංගම් රජයෙන් ඉල්ලා තිබේ.
දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ අඛණ්ඩව පස් වැනි දිනටත් බ්‍රිතාන්‍යයෙන් නව වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් වාර්තා විය.
ඊයේ දිනය තුළ පමණක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් සංඛ්‍යාව 57,700 කි.
නව වෛරස් ප්‍රභේදයෙන් ඊයේ දිනය තුළ බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 445 දෙනෙකු මිය ගොස් ඇත.