ඉන්දීය විදේශ ඇමතිවරයා හෙට දිවයිනට

0
251

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම මස 07 වෙනිදා දක්වා මෙරට රැඳී සිටිමට නියමිතයි. 

ඉන්දීය විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රාජ තාන්ත්‍රික සංචාරය මෙය වන අතර  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර්ගේ නව වසරේ පළමු විදේශ සංචාරය ද මෙය වේ.