දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 302යි – විශ්වට කඩුලු 5ක්

0
322

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 302කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දෙරට අතර දෙවැනි ටෙස්ට් තරඟය ජොහැන්නස්බර්ග් නුවර දී පැවැත්වේ. තරඟයේ දෙවැනි දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 157කි.

ඊට පිළිතුරු ලෙස, දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ තරඟය නිමාවන විට එක කඩුල්ලක් දැවී ලකුණු 148ක් රැස්කර ගෙන සිටියේය.

ඩීන් එල්ගා(ර්) සහ වැන් ඩර් ඩුසෙන් දෙවැනි කඩුල්ල සඳහා එක්කළ ලකුණු ගණන 184කි.

දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 127ක් ලබාගත් එල්ගා(ර්) දැවීගියේ දුෂ්මන්ත චමීර ගේ පන්දුවකිනි. වැන් ඩර් ඩුසෙන් ලකුණු 67ක් රස කළේය.

පන්දු යැවීමෙන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 101කට කඩුලු 5යි.