මෙරට පළමු කොරෝනා ආසාදිත වෛද්‍ය මරණය වාර්තා වෙයි

0
232

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර සිටිනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරයා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවනු ලැබුවා. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී වෛද්‍යවරයෙකු මියගිය පළමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.