ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය අවලංගු කෙරේ

0
264

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සිය දකුණු අප්‍රිකානු සංචාරය අවලංගු කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරඟ 3ක් පෙබරවාරි – මාර්තු මාසවල පැවැත්වීමට නියමිතව තිබුණි.

වඩාත් වේගයෙන් පැතිරයන කොරෝනා වෛරසයේ ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවේ පැතිර යමින් පැවතීම හේතුවෙන් “අකමැත්තෙන් හෝ” එම තීරණය ගැනීමට සිදුවූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පැවසීය.