හමුදා කුමන්ත්‍රණය හමුවේ මියන්මාරයට යළි සම්බාධක පනවන බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසයි.
ඔහු කියා සිටියේ, බලය ලබා ගැනීම කිසි විටෙකත් ජනතාවගේ කැමැත්ත අභිබවා නොයා යුතු බවයි.
විශ්වාසදායක මැතිවරණයක ප්‍රතිඵල මත තෝරා පත් කර ගනු ලබන රජයකට මෙවැනි බලපෑම් සිදුනොකළ යුතු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
එක්සත් රාජධානිය, ජපානය, චීනය ඇතුළු ලොව ප්‍රබල රටවල් රැසක් සේම, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වන විට මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය හෙළා දැක තිබේ.