සිය පාර්ලිමේන්තු ධුරය අහෝසි කිරීම වලක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රංජන් රාමණායක මේ වන විට සිව් වසරක සිර දඬුවමකට ලක්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටිනවා.