අධික හිම පතනය හේතුවෙන් නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක්

0
238

අමෙරිකාවට බලපා ඇති අධික හිම පතනය හේතුවෙන් නිව්යෝර්ක් අගනුවරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා කරයි.

නිව්යෝර්ක් සහ බොස්ටන් ඇතුළු ප්‍රධාන නගර රැසකට මෙම දරුණු හිම කුණාටුව හේතුවෙන් බලපෑම් සිදුව ඇති බව වාර්තා වේ.

නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ හිම පතනයක් සමග දරුණු සුළං තත්ත්වයක් බලපා තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය කාරණයකට හැර වෙනත් කරුණු සඳහා නගරය තුළ රථ වාහන ගමනාගමනය සීමා කරඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවන්වලදී පැයට කිලෝමීටර 80ක පමණ වේගයෙන් හිම සමග සුළං ඇතිවන බවද සඳහන් ය.

මේ හේතුවෙන් ජනතාවට සිය නිවෙස් තුළම රැඳීසිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.