කොවිඩ් -19 වෛරසය සඳහා ව්‍යාජ එන්නත් නිෂ්පාදනය කළ පුද්ගලයින් 80 දෙනෙකු චීනය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන කොවිඩ් -19 සඳහා “ව්‍යාජ එන්නත්” නිපදවන අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට අදාළව එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ව්‍යාජ කොවිඩ් -19 එන්නත් මාත්‍රාවන් 3,000 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළ පුද්ගලයින් එළෙස එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.