චමින්ද වාස් පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0
332
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් එම තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

හිටපු වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු පුද්ගලික හේතුන් මත ඉවත්වීමෙන් පසුව චමින්ද වාස්ට එම අවස්ථාව ලබා දී කොදෙව් සංචාරයට එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට තීරණය කළේ ය.

කෙසේ වෙතත්, තරගාවලිය සඳහා හෙට (23) ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට තිබියදී මෙලෙස වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.