කණ්ණාඩි පලදින අයට කොවිඩ් අවධානම අඩුයිද

0
279

COVID-19 අවදානම අවම කිරීම සඳහා කුමන සාධක ද ​​දායක විය හැකි දැයි මේ වන විට විවිධ කණ්ඩායම් පරීක්ෂණ පවත්වමින් සිටී. මේ අතරතුර කණ්ණාඩි පලදින පුද්ගලයන් කොවිඩ් වෛරසසයට ගොදුරු වීමේ යම් අඩුවක් නිරීක්ෂණය වී ඇති බව චීනයෙන් සිදුකල පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

JAMA Ophthalmology ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ ඇස් කණ්ණාඩි පැළඳ සිටින පුද්ගලයින්ට යම් තරමක ආරක්ෂාවක් තිබිය හැකි අතර එමඟින් COVID-19 අවදානම අඩු බවයි.

එරට කරන ලද අධ්‍යයනයකට අනුව ජනගහනයෙන් 1/3ක් මෙලෙස කණ්ණාඩි භාවිතා කරන බවත් එලෙස දිනකට පැය 8කට වඩා වැඩි කාලයක් කණ්ණාඩි භාවිතා කරන පුද්ගලයන් කොවිඩ් වෛරසය හේතුවෙන් රෝහල් ගත කිරීමේ අඩුවක්ද ඇති බව නිරීක්ෂණය වී ඇත.‍

කෙසේ වෙතත් වෛද්‍ය මතය ඇස් කණ්ණාඩි භාවිතය රෝගයට ආරක්ෂාවක් ලෙස ක්‍රියා කළ හැකි බවට සාධක කිහිපයක් තිබිය හැකි නමුත් ආරක්ෂිත පියවරක් ලෙස සෑම දෙනාම ඇස් කණ්ණාඩි පැළඳිය යුතු යැයි නිගමනය කිරීම කල් වැඩි බවයි.