එංගලන්ත ක්‍රීඩිකාවන්ට කඬුලු 7ක ජයක්..

0
302

නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 07කින් ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 49යි පන්දු 05ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 192ක් ලබා ගත්තේ ය.

ලකුණු 193ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 04ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

එහිදී ටැමී බීමොන්ට් නොදැවී ලකුණූ 72ක් සහ නැටලි සයිවර් ලකුණු 63ක් ලබා ගත්තේ ය.