යුරෝපීය රටවල් කිහිපයක් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරනයක්

0
296

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල රටවල් අතරට ජර්මනිය, ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුලු තවත් යුරෝපා රටවල් කිහිපයක් එක් වී තිබෙනවා.

එම එන්නත භාවිතයෙන් පසුව රුධිර නාලිකාවල රුධිරය කැටිගැසීමේ සිද්ධීන් වාර්තාවීමත් සමග මෙලෙස මෙම තීරණයට පැමිණි බව ජර්මනිය සදහන් කරන අතර ප්‍රංශය ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අත්හිටුවන ලද අතර දෙසතියක කාලයක් සඳහා ස්පාඤ්ඤය ද මෙම තීන්දුවකට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය නතර නොකරන ලෙසයි.