චමින්ද වාස් යළි පන්දුයැවීම් පුහුණුකරු ධුරය භාරගනී

0
235

චමින්ද වාස් යළි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දුයැවීම් පුහුණුකරු ධුරය භාරගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉකුත්දා භාර දුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගනිමින්.

චමින්ද වාස් ඉකුත්දා ශ්‍රී ලංකා පිල කොදෙව් දූපත් බලා පිටත්ව යාමට පැය කිහිපයකට පෙර ඉල්ලා අස් වූයේ වැටුප් පිළිබද ගැටලූවක් මුල්කර ගනිමින්.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ මේ පිළිබඳව දැඩි කතාබහක් මතු වූ අතර පාර්ලිමේන්තුවේද මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා.

කෙසේ වෙතත් ඉකුත් දින කිහිපයේදී මේ  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති අතර එහිදී එළඹි එකගතාවන් අනුවයි චමින්ද වාස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගැනීමට තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී පන්දුයැවීම් පුහුණුකරු ධුරය යළි භාර ගැනිමට චමින්ද වාස් තීරණය කර තිබෙනවා.