රවී ඇතුළු සැකකරුවන් 8 දෙනා PCR පරීක්ෂණයකට

0
247

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා අද (18) දිනයේ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ නීතිඥයින්ට සහ ඥාතීන් දෙදෙනෙකුට පමණක් ඔවුන් බැලීම සඳහා අවස්ථාව හිමිවන බවය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා ඊයේ (17) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. 

එහිදී, මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.